• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සමරු උළෙල
- 2022 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධානය පිණිස අවශ්‍ය මගපෙන්වීම සඳහා පහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

* අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය -(සභාපති)

* ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය

* ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය

* ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අධ්‍යාපන අමාත්‍ය

* ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා විදුලිබල අමාත්‍ය

* ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

* ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය

* ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

* ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා ජනමාධ්‍ය අමාත්‍ය

* ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍ය

* ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ජලසම්පාදන අමාත්‍ය