• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- 2021 යල කන්නයේ වී අස්වනු මේ වන විට නෙළීම ආරම්භ කර ඇති අතර ගොවීන්ගේ වී අස්වනු තරගකාරී මිලකට මිල දී ගැනීමේ අරමුණින් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 55/- බැගින් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමටත්, එලෙස මිලට ගනු ලබන වී තොග සහල් බවට පරිවර්තනය කර සතොස අලෙවිසැල් ජාලය මඟින් පාරිභෝගිකයින් වෙත සාධාරණ මිලකට අලෙවි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.