• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ටිමෝර් - ලෙස්ටේ (නැ‍ඟෙනහිර ටිමෝරය) රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම
- ටිමෝර් - ලෙස්ටේ (නැ‍ඟෙනහිර ටිමෝරය) රජය විසින් ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස තහවුරු කර ගැනීම සඳහා වන අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙත ප්‍රකාශ කර ඇත. ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක් මේ වන විට එරට සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන ගෙන තිබේ. නැ‍ඟෙනහිර ටිමෝරය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම ආර්ථිකමය හා දේශපාලන වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වේදිකාවල ශ්‍රී ලංකාවේ මැදිහත්වීම්වලදී ශ්‍රී ලංකාවට එ‍රට සහාය ලබා ගැනීම සඳහ‍ා වැදගත් වනු ඇත. ඒ අනුව, එරට සමඟ විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.