• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරීම - ඉදි කිරීම් සහ නඩත්තු කටයුතු අධීක්ෂණය සඳහා උපදේශක සේවාවන් ලබා ගැනීම
- මෙම අධිවේගී මාර්ගය ඉදි කිරී‍මට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට, ඉදි කර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදනම මත (DBFOT), M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට 2021-05-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, වසර 03ක් ඇතුළත අදාළ අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය. යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදි කිරීම සහතික කර ගැනීම පිණිස ඉදි කිරීම් කටයුතු හා නඩත්තු වැඩ අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවරයකු වශයෙන් උපදේශක ආයතනයක් පත් කළ යුතුව ඇත. එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු වේ. ඒ අනුව, ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.