• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ඉලක්කය ප්‍රකාශයට පත් කිරීම
- "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් උපරිමය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක කර ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් සපුරා ගැනීමටත්, වසර 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරණ තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබ ඇත. එකී ප්‍රතිපත්ති රාමුව තුළ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ හා එම පනතේ සංශෝධනයන් අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් "අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්ම" සකස් කළ යුතු වේ. එකී ජනන සැලැස්ම සකස් කිරීම සඳහා එම පනතේ (5) වගන්තියේ විධිවිධාන පරිදි විදුලිබල අමාත්‍යවරයා විසින් පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ යුතුව ඇත. ඒ අනුව, අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.