• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රඥාවේ ගති ලක්ෂණයන්හි ප්‍රබලතාවය මිනුම් කිරීම හා වර්ධනය කිරීම: ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ නව ප්‍රවේශයන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය
- ප්‍රඥාවේ ගති ලක්ෂණයන්හි ප්‍රබලතාවය මිනුම් කිරීම හා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ නව ප්‍රවේශයන් පිළිබඳව ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එම පර්යේෂණ ව්‍යාපෘතිය කොළඹ විශ්වවිද්‍යාලය, පිලිපීනයේ ඩි ලා සාල් විශ්වවිද්‍යාලය, කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලය සහ ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ වේක් ‍‍ෆොරස්ට් විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එකී පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ විශ්වවිද්‍යාල සමඟ ගිවිසුම්වලට එළඹීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.