• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත
- 1997 සැප්තැම්බර් මස 18 දින ඔස්ලෝ නුවර පැවති පුද්ගල නාශක බිම් බෝම්බ අන්තර්ජාතික වශයෙන් තහනම් කිරීම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සමුළුවේදී පුද්ගල නාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස් කිරීම, නිෂ්පාදනය සහ භාර දීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීමේ සම්මුතියක් සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹ ඇත. ඒ අනුව, 2017 දෙසැම්බර් මස 13 දින ශ්‍රී ලංකාව එකී සම්මුතියට එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා අදාළ නීති පැනවීම පිණිස ශ්‍රී ලංකා රජය බැඳී සිටී. ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.