• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ පා ඇති දුෂ්කරතා සඳහා සහන සැලසීම
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ පා ඇති දුෂ්කරතා හඳුනාගෙන ඔවුන් වෙත ලබා දිය යුතු සහන පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ක්‍රමවේදයක් යෝජනා කිරීමටත්, නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2020 ඔක්තෝබර් මස 26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හා පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්හට ලබා දීමට සුදුසු සහන සම්බන්ධයෙන් එකී නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.