• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුද්ගලික අංශයේ ආයෝජන යටතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අභිප්‍රාය පළ කිරීමේ යෝජනා (Expression Interest EOT) කැඳවීම
- වසර 2030 වන විට මෙරට විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සපුරා ගැනීමට ඉලක්ක කර ඇත. දැනටමත් මෙරට ජල විදුලි සංවර්ධනය උපරිම මට්ටමකට ළඟා වී ඇති බැවින්, ඒ සඳහා සූර්ය බලය හා සුළං බලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. අපේක්ෂිත ඉලක්කයට ළඟාවීම සඳහා දැනට මෙගාවොට් 458ක් වන ස්ථාපිත සූර්ය විදුලි ධාරිතාව තවත් මෙගාවොට් 4800කින් ද, මෙගාවොට් 248ක් වන ස්ථාපිත සුළං බලාගාර ධාරිතාව තවත් මෙගාවොට් 3,500කින් ද වැඩි කළ යුතු වේ. එමෙන්ම, එලෙස නිපදවන විදුලිබලය ජාතික සම්ප්‍රේෂණ පද්ධතියට ලබා ගැනීමට හැකි වන පරිදි ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමද සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, හඳුනාගනු ලබන මෙගාවොට් 50ට වැඩි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අභිප්‍රාය පළ කිරීමේ ‍යෝජනා කැඳවීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.