• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගතය පාලනය සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීම සඳහා වූ ව්‍යාපෘතිය
- දැනට රටපුරා පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ සහ ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ලබා දීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කර ඇති ඖෂධ මංජුසාවක් දිවයිනේ සෑම පවුලක් වෙතම ලබා දීමටත්, යෝජිත වැඩසටහනේ පළමු අදියර යටතේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ 25ක් සඳහාත්, දෙවන අදියර යටතේ ඉතිරි සියලුම පවුල් සඳහාත් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.