• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන
- දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන යටතේ සංශෝධිත විෂය පථය අනුව අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021 මැයි මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අදියර 3ක් යටතේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 434කින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ඇත. ඒ අනුව, එම වැඩසටහනේ අදියර 1 සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 92ක අරමුදල් ලබා ගැනීම පිණිස ලෝක බැංකු සමුහයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ අන්තර් ජාතික බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.