• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්‍රාමික රාජ්‍ය නිලධරයන් සඳහා දැනට ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම
- 2016 ජනවාරි මස 01 දිනෙන් පසු රජයේ සේවයෙන් විශ්‍රාම ගත් විශ්‍රාමිකයින් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 70 වන තෙක් දැනට පවතින අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා දීමේ විධිවිධාන සැලසී ඇත. එම දිනට පෙර රජයේ සේවයෙන් විශ්‍රාම ලබා ඇති විශ්‍රාමිකයින් සඳහා ද අදාළ ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා 2020 ජූලි මස 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකයින්ට අදාළ වන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.