• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සමාජ ආරක්ෂණ ගිවිසුමකට එළඹීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
- ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්, ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම හා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දීය ජාතිකයින් මෙරට සේවක අර්ථසාධක අරමුදලට දායක වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම අරමුණු කරගනිමින් දෙරට අතර ද්විපාර්ශ්වීය සමාජ ආරක්ෂණ ගිවිසුමකට අත්සන් තැබීමට හැකි වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා 2018 පෙබරවාරි මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.