• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය වෙත නෞකාවල සිට ගල් අඟුරු රැ‍ඟෙන යාම සඳහා ස්වයංක්‍රීය බත්තල් සේවා සැපයුම්කරුවෙකුගේ සේවය ලබා ගැනීම
- 2021/2022 සහ 2022/2023 කාල සීමාව තුළ ලක්විජය බලාගාරයේ ජැටිය වෙත ගල් අඟුරු, බත්තල් මඟින් ප්‍රවාහනය සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සේවා කොන්ත්‍රාත්තුව M/s Shreeji Shipping Limited වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.