• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැන්දඹු, වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීම
- රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ විශ්‍රාමික ප්‍රතිලාභ සඳහා 2021 වර්ෂ‍ය වෙනුවෙන් රුපියල් මිලියන 300,000 ක් පමණ මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිත අතර, ඒ යටතේ වැන්දඹු, වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 35,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත. එයින් 2021 ජුනි මස 30 දින වන විට රුපියල් මිලියන 26,367ක් වැය වී තිබෙන අතර වර්ෂයේ ඉදිරි කාලසීමාව සඳහා අතිරේකව තවත් රුපියල් මිලියන 19,000ක පමණ ප්‍රතිපාදන අවශ්‍ය වේ. වැන්දඹු, වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන "විශේෂ නීති ප්‍රතිපාදන" යටතේ වෙන් කරනු ලබන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (2)වන අනුව්‍යවස්ථාව මඟින් ඒ සඳහා මුදල් අමාත්‍යතුමා වෙත බලය පැවරී තිබේ. ඒ අනුව, මුදල් අමාත්‍යතුමා විසින් අත්සන් තබන ලද විශේෂ නීති අධිකාරි බලපත්‍රය (පරිපූරක) මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ රුපියල් මිලියන 19000ක ප්‍රතිපාදන සලසා දීම සඳහා පියවර ගනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.