• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000ක් සතිපතා ආනයනය කිරීම
- අසාධ්‍ය කොවිඩ් - 19 රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම පිණිස ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කිරීම සඳහා 2021 මැයි මස 24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. මේ වන විට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමට හැකි වන පරිදි දැනට මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,000 වෙනුවට සතිපතා වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000ක් බැගින් ආනයනය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.