• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000/-ක දීමනාවක් ගෙවීම
- කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති එහෙත් රජයේ කිසිදු දීමනාවක් නොලබන පවුල් සඳහා රුපියල් 2,000/-ක දීමනාවක් ගෙවීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, අවශ්‍ය අරමුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන අතර, අදාළ දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරා ගනු ලබන පවුල් වෙත ගෙවනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය විසින් නිකුත් කරනු ඇත. ඒ අනුව, එම දීමනාව ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන නිදහස් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.