• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන පරිදි ගාස්තු සංශෝධනය කිරීම පිණිස පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන පරිදි පාර්ශ්වකරුවෙකු හෝ පාර්ශ්වකරුවන් අතර වන නැතහොත් ලේඛනගත නීතිඥවරයෙකු සහ සේවාදායකයකු අතර වන සියලු ගාස්තු අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් නියම කරනු ලැබිය යුතු වේ. මීට ප්‍රථම එම ගාස්තු නියම කරනු ලැබ ඇති අංක 994/7 දරන 1997 සැප්තැම්බර් මස 24 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනයේ සඳහන් ගාස්තු වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට අදාළ නියෝග පනවමින් අංක 2234/67 දරන 2021 ජූලි මස 02 දිනැති ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.