• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකරිය පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වය ලොව පුරා පැතිරීම හේතුවෙන් ජාත්‍යන්තර මැණික් වෙ‍ෙළඳපොළ තුළ මැණික් සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. එබැවින්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් අපනයන කටයුතුවලදී අය කරනු ලබන ගාස්තු සඳහා යම් සහනයක් ලබා දෙන ලෙසත්, ගුවන් සේවා කටයුතු අඩාල වී ඇති බැවින් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) මැණික් අපනයන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙසත් මැණික් කර්මාන්තකරුවන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, අදාළ ගාස්තු සංශෝධනය කිරීමටත්, මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන සිදු කිරීමට අදාළ පහසුකම් සැලසීමටත් හැකි වන පරිදි 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ අංක 2232/36 දරන 2021 ජුනි 18 දිනැති ගැසට් නිවේදනය මඟින් නිකුත් කර ඇති නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.