• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය කාබනික පොහොර මිල දී ගැනීම - 2021/2022 මහ කන්නය
- 2021 07 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි 2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර දේශීය නිෂ්පාදකයින්ගෙන් මිල දී ගැනීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී දේශීය පොහොර නිෂ්පාදකයන් වෙතින් මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව, සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයන් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි තෝරාගත් දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන් වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.