• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (Inclusive Connectivity and Development Project)
- මෙරට මගී ප්‍රවාහනය 95%ක් පමණ සහ භාණ්ඩ ප්‍රවාහනය 98%ක් පමණ මාර්ග ඔස්සේ සිදු කරනු ලබයි. එබැවින්, බාධා රහිත මාර්ග ප්‍රවාහන පද්ධතියක් පැවතීම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික කටයුතු සඳහා ඉතාමත් වැදගත් සාධකයක් වේ. ආරක්ෂිත, කාර්යක්ෂම හා දේශගුණයට ඔරොත්තු දෙන මාර්ග සම්බන්ධතාවක් සැපයීම සහ ව්‍යාපෘති ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික සැපයුම්දාම ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකුවේ මූල්‍ය සහාය මත "අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීමට ‍යෝජනා කර ඇත. එම ව්‍යාපෘතිය "ආරක්ෂිත සහ දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දෙන ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීම" සහ "සැපයුම්දාමය සහ ගොවීන්ට සේවා සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීම" යනුවෙන් සංරචක දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.