• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිකිරීම් යන්ත්‍රසූත්‍ර හා උපකරණ සහ වෙනත් සැපයුම් හා ප්‍රවාහන වාහන රජය සතු ආයතනයන්ට සැපයීම සඳහා ප්‍රසම්පාදනය කිරීම
- ඉදිකිරීම් යන්ත්‍රසූත්‍ර හා උපකරණ සහ වෙනත් සැපයුම් හා ප්‍රවාහන වාහන රජය සතු ආයතනයන්ට සැපයීම සඳහා පූර්ව සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම පිණිස 2021 මාර්තු මස 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පැකේජ 06ක් යටතේ ආයතන 04කින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මහාමාර්ග ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.