• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන සීතාවක අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරයේ පිරිපහදු ධාරිතාව දිනකට ජලය ඝන මීටර 9500 සිට 15000 දක්වා ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ආයෝජන මණ්ඩල අරමුදල් යටතේ එකී ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම පිණිස යෝග්‍ය කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සියරා කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.