• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධන කිරීම
- අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2021 ජූලි මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී. එහිදී නොතාරිස්වරයෙකු ඉදිරිපිට නොවන එහෙත් සාක්ෂිවරුන් 05 දෙනෙකු ඉදිරිපිට දී පමණක් ලියා අත්සන් තබන අන්තිම කැමති පත්‍ර අත්සන් තැබීමේදී සිදු වන වංචාවන් වැළැක්වීම එකී සංශෝධනයන්ගේ අරමුණ වේ. එහෙත්, සාක්ෂිවරුන් 05 දෙනෙකු ඉදිරිපිට දී අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් තැබීම පිණිස වංචා වැළැක්වීමේ ආඥාපනතින් ද විධිවිධාන සලසා ඇති බැවින්, එම ආඥාපනතේ සඳහන් එකී විධිවිධාන ද සංශෝධනය කළ යුතු බව හඳුනා‍ෙගන තිබේ. ඒ අනුව, යෝජිත සංශෝධන ඇතුළත් කරමින් වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.