• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත යටතේ හානිපූරණ ප්‍රදානය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ
- හානිපූරණය සඳහා සුදුසුකම්ලත් පීඩාවට පත් තැනැත්තන් හඳුනාගැනීම පිණිස සහ උචිත වන පරිදි තනි සහ සාමුහික වශයෙන් හානිපූරණය ප්‍රදානය කිරීම සඳහා 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනතේ විධිවිධාන පරිදි හානිපූරණය කාර්යාලය ස්ථාපිත කර ඇත. ඒ අනුව, පීඩාවට පත් තැනැත්තන් වෙත තනි සහ සාමුහික වශයෙන් හානිපූරණ ප්‍රදානය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම එම කාර්යාලය වෙත පැවරී ඇත. ඒ අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සඳහාත්, අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ එක්ව එකී ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහාත් අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.