• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත සංශෝධනය කිරීම
- 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා 2019 මාර්තු මස 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා එකී පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මහජන අදහස් ලබා ගනිමින් තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, හඳුනා ගනු ලබන එකී සංශෝධන ඇතුළත් කරමින් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.