• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අපනයනය සඳහා සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය
- 2015 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කර ඇති ශ්‍රී ලාංකිකයින්ට අයත් සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවර්ධන වියදමින් 50%ක ගැලපුම් ප්‍රදානයක් ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. එම වැඩසටහන යටතේ 2015/2016 කාලසීමාව තුළ සමාගම් 20ක් සහ 2018/2019 කාලසීමාව තුළ සමාගම් 18ක් ප්‍රතිලාභ ලබා ඇත. වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පෞද්ගලික සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, 2021/2022 වර්ෂය තුළ සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කරමින් දැනට රටවල් 12ක පවතින ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිලෝන් තේ අළෙවිසැල් (Ceylon Tea Shops and Houses) ප්‍රවර්ධනය කිරීම සඳහා ද අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.