• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇඹිලිපිටිය ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය වෙත බදු පදනම මත ලබා දීම
- 2016 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 200ක් වැය කොට මෙට්‍රික් ටොන් 4000ක පමණ ධාරිතාවකින් යුත් ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානයක්, නවීන පන්නයේ උපකරණවලින් යුත් රසායානාගාරයක් හා ධාන්‍ය වියළීමේ යන්ත්‍ර ද සහිතව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත කර තිබේ. කිලෝවොට් 100ක ධාරිතාවයකින් යුත් සූර්ය පැනල විදුලි උත්පාදක පද්ධතියක් එම ධාන්‍යගාරයේ වහලය මත ඉදි කර ඇත. එම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානයේ සියලු දේපළ රත්නපුර දිස්ත්‍රික් ලේකම් භාරයේ පවතින අතර දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් උපදේශක කමිටුවක් මඟින් එහි කළමනාකරණ කටයුතු සිදු කෙරේ. එම මධ්‍යස්ථානය වඩාත් ඵලදායීව භාවිත කිරීමේ අරමුණින් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය වෙත බදු පදනම මත ලබා දීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.