• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය
- දැනට දේශීය වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව, කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම මඟින් හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මුදල් අමාත්‍යතුමාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.