• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම
- ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් පැන නැඟී ඇති තත්ත්වය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ඒ අනුව, මෙම කරුණට අදාළ සියලුම සාධක සැලකිල්ලට ගෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

* ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා
විදුලිබල අමාත්‍ය

* ගරු විමල් වීරවංශ මැතිතුමා
කර්මාන්ත අමාත්‍ය

* ගරු මහින්ද අමරවීර මැතිතුමා
පරිසර අමාත්‍ය

* ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා
සංචාරක අමාත්‍ය