• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම
- දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරා ගැනීමට නොහැකි 2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආනයනය කිරීම සඳහා 2021 05-31 දින අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පො‍හොර සමාගම වෙත අවශ්‍ය පොහොර තොග සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.