• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
- 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 60 වන වගන්තියේ 5 වන උපවගන්තිය සංශෝධනය කිරීම සඳහා 2021 ජූලි මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. විශේෂයෙන්ම ඇතැම් වෙළෙඳුන් විසින් පාලන මිල අභිබවා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම සංශෝධනයන්ගෙන් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, එකි පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.