• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස උසස් කිරීම සඳහා 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත සංශෝධනය කිරීම
- 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් පදනම් මට්ටමේ සිට කළමනාකරණ මට්ටම දක්වා වන පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. දැනට එම පාඨමාලාවලට සමාන මට්ටමේ පාඨමාලා ඇතැම් විශ්වවිද්‍යාල හා පෞද්ගලික ආයතන විසින් ද පවත්වාගෙන යනු ලබන නමුත් එම පාඨමාලා ප්‍රධාන වශයෙන් සිද්ධාන්ත මත පමණක් පදනම්ව ඇති බැවින් ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රමාණවත් ප්‍රායෝගික පුහුණුවක් එම පාඨමාලා මඟින් ලබා ගැනීමට හැකියාවක් නොමැත. එබැවින්, ප්‍රමාණවත් ක්ෂේත්‍ර පුහුණුවක් ද සහිතව සංචාරක ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් පැවැත්වීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සලසා ගැනීමටත්, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය තෘතීයික මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමටත්‍ හැකි වන පරිදි 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.