• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීම
- ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනතේ සඳහන් විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් නව පනතක් හඳුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.