• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් සභා සහ දිස්ත්‍රික් මට්ටමින් ඉදිකර ඇති ක්‍රීඩා පිටි සහ ක්‍රීඩා සංකීර්ණ වැඩිදියුණු කිරීම, මෙහෙයුම සහ නඩත්තු කටයුතු විධිමත් කිරීම
- දිවයින පුරා පවතින ක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩාංගණ බොහොමයක නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් ඒවා භාවිත කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපේක්ෂිත පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බව පෙනී ගොස් ඇත. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, විශේෂයෙන්ම දිස්ත්‍රික් මට්ටමේ සහ පළාත් මට්ටමේ දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සහිතව ක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩාංගණ පවත්වා‍ගෙන යාම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, පෞද්ගලික අංශයේ සහභාගිත්වය යටතේ එවැනි ක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩාංගණ නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.