• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා විද්වත් කමිටුවක සේවය ලබා ගැනීම
- "සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ" සඳහන් පරිදි නිරෝගි සහ ඵලදායි පුරවැසියෙක් බිහි කිරීමේ අරමුණින් වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමේ අයිතිය තහවුරු කිරීම සඳහා දේශීය කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ අභියෝගය ජය ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන විසින් කටයුතු කරමින් සිටී. මෙම ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ලබා ගැනීමටත්, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් ලබා ගැනීම සඳහාත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ පාරිසරික කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතාගේ සභාපතිත්වයෙන් අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.