• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීම (Re energize) සඳහා සහනදායී කොන්දේසි යටතේ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ යන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත දැනට ක්‍රියාත්මක 282ක් පමණ වූ පූර්ණ හෝ අර්ධ වශයෙන් රජයට අයත් ව්‍යාපාරයන්හි මෙහෙයුම් කටයුතු පසුබෑමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් එම ව්‍යාපාරයන්ට එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපයා ගැනීම අපහසු වී ඇත. 2020 වර්ෂය අවසානයේදී කොවිඩ් - 19 වසංගත තත්ත්වය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ "සෞභාග්‍ය කොවිඩ් - 19 යළි නගා සිටුවීමේ පහසුකම" නැමති සහනදායී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලද අතර මේ වන විට එම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයින් 53,200කට පමණ රුපියල් බිලියන 156කට ආසන්න මුදලක් ලබා දී ඇත. ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය ව්‍යාපාරයන්හි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවස්ථාව සලසා දීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.