• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අදාළ පාඨමාලා හදාරා සුදුසුකම් ලැබූ සිසුන්ට එසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලබා ගැනීම, අන්‍යෝන්‍ය කැමැත්ත මත සහයෝගිතා පර්යේෂණ ක්‍රියාත්මක කිරීම, ශිෂ්‍ය සහ පීඨ හා කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම යන අරමුණු සඳහ‍ා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.