• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලය (Edith Cowan University, Australia) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සහයෝගිතාව වැඩිදියුණු කිරීම, දෙපාර්ශ්වයේ අවශ්‍යතාවන්ට අනුව ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආගන්තුක සත්කාරය පිළිබඳ විධායක අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, විෂය මාලා හා පාඨමාලා සංවර්ධනය කිරීමේ වැඩසටහන් සහ ඒකාබද්ධ ආචාර්ය උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන අරමුණු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.