• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගෙන් සිදු වන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම
- ආරක්ෂිත වන සතුන් වන වන අලි, දිවියන්, වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන් විසින් පහරදීම හේතුවෙන් මිය යන සහ පූර්ණ හා අර්ධ බෙලහීනතාවට පත් වන පුද්ගලයින්ට සහ නිවාස හා දේපළ හානිවලට දැනට ගෙවනු ලබන වන්දි මුදල් පහත දැක්වෙන පරිදි සංශෝධනය කිරීම පිණිස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ජීවිත හානියක් සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් හෝ තොරව රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීම.

* පූර්ණ බෙලහීනතාවකට පත් වන පුද්ගලයෙකු සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් හෝ තොරව රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීම.

* අර්ධ බෙලහීනතාවකට හෝ ශාරීරික තුවාල සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් 75,000/-ක වන්දි මුදල රුපියල් 150,000/- දක්වා ඉහළ නැංවීම.

* වන අලි පහරදීම්වලින් සිදු වන නිවාස හා දේපළ හානි සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂයක වන්දි මුදල උපරිමය රුපියල් ලක්ෂ 02 දක්වා ඉහළ නැංවීම.