• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේ ආක්ටික් විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ගිවිසුමකට එළඹීම
- ගෝලීය අධ්‍යයන සහයෝගිතාව සඳහා වන නෝර්වීජියානු හවුල්කාරිත්ව වැඩසටහනේ මූල්‍යමය දායකත්වය යටතේ නෝර්වේ ආක්ටික් විශ්වවිද්‍යාලය විසින් "ධීවර, ජලජීවී වගාව සහ ජලජ විද්‍යාව පිළිබඳ නවෝත්පාදන ජාලය" නැමති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. එම ව්‍යාපෘතියේ මෙරට පාර්ශ්වකරුවන් වශයෙන් රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) යන ආයතන හඳුනාගෙන ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතන සහ නෝර්වේ ආක්ටික් විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. එම ගිවිසුම යටතේ නෝර්වේ ආක්ටික් විශ්වවිද්‍යාලය හා මෙරට ආයතන අතර සහ‍යෝගී හවුල්කාරිත්වය මඟින් දෙපාර්ශ්වය සඳහාම ප්‍රතිලාභ ලැබෙන පරිදි ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශිෂ්‍ය සහ කාර්යමණ්ඩල අතර හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යාම සහ අන්තර්ජාතික අවබෝධතාවන් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, යෝජිත ඒකාබද්ධ ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.