• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර විද්‍යාව හා ආගම පිළිබඳ ගෝලීය පර්යාවලෝකය (Global Spectrum) විමර්ශනය කිරීම සඳහා වූ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමකට එළඹීම
- වෘත්තීය විද්‍යාඥයින් සහ සෙසු මහජනතාව අතර විද්‍යාව, පරිණාමය හා ආගම අතර ඇති සබඳතාව පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති කිරීමත්, ඒ පිළිබඳ පොදු මතවාදයන්ට බලපාන ඓතිහාසික, සංස්කෘතිකමය, සමාජමය සහ මනෝවිද්‍යාත්මක සාධක පිළිබඳ විමර්ශනය කිරීමත් අරමුණු කොටගෙන, 'Templeton Religious Trust' නැමති ආගමික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරනු ලබන 'විද්‍යාව හා ආගම පිළිබඳ ගෝලීය පර්යාවලෝක විමර්ශනය' නම් පර්යේෂණ ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය තේරී පත්ව ඇත. ඒ අනුව, එකී පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එහි ප්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.