• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත හොරණ මිල්ලෑව ප්‍රදේශයෙන් බිම් කොටසක් බදු පදනම මත ලබා දීම
- රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා සංස්ථාවේ පවතින ඉඩ පරිශ්‍රයන් ප්‍රමාණවත් නොවන බැවින් නිෂ්පාදන පහසුකම් පහක් (05) ස්ථාපිත කොට සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම පිණිස බිම් කොටසක් ලබා දෙන ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, හොරණ කාර්මික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මිල්ලෑව ප්‍රදේශයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති අක්කර 732ක ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 65 පර්චස් 17.66ක ඉඩම් කොටසක් ඒ සඳහා වෙන් කර දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ එකඟතාව ලැබී තිබේ. එකී එකඟතාව පරිදි අදාළ ඉඩම් කොටස දීර්ඝකාලීන බදු පදනම මත රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.