• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
BCS - තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර ආයතනික සාමාජිකත්ව ගිවිසුම
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ BCS - තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය අතර ආයතනික සාමාජිකත්ව ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ලෙස මීට පෙර හඳුන්වන ලද BCS - තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය පරිගණකකරණය සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත පුද්ගලයින් වෘත්තීයමය සාමාජිකයන් වශයෙන් ලියාපදිංචි කරනු ලබයි. එම ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම් කරනු ලබන පුද්ගලයින් ඇගයීම සම්බන්ධයෙන් වන කටයුතුවල නිරත වීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත අනන්‍ය නොවන බලපත්‍රයක් ලබා දීමට BCS - තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය කැමැත්ත පළ කර ඇත. ඒ අනුව කටයුතු කිරීම සඳහා ආයතනික සාමාජිකත්ව ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.