• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල දී ගැනීම
- වෛද්‍ය සැපයීම් අංශයේ වාර්ෂික ශල්‍ය ගෝස් අවශ්‍යතාව දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම සඳහා 2012 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි 2021 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර මිලියන 30ක් රුපියල් මිලියන 774ක මුදලකට දේශීය සැපයුම්කරුවන් 461 දෙනෙකු වෙතින් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.