• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම වෙත පවරා ගැනීම
- කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රජය සතු සමාගමක් වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වශයෙන් පානීය ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දියර ක්ලෝරීන් ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් ආනයනය කර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත සැපයීම සිදු කරනු ලබයි. එම සමාගම දේශීය වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීමට සැලසුම් කර ඇති අතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පොලිඇලුමිනියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිපොක්ලෝරයිට් එම ව්‍යාපෘතියේ අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කිරීමට ද අපේක්ෂා කරනු ලබයි. එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට හැකි වනු පිණිස පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි, 1954 වර්ෂයේ සිට සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳිනු ලබන ඉඩම, එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.