• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරන ලද නොතාරිස් උපදේශක කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- නීති ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අධිකරණ ඇමතිතුමා විසින් උපදේශක කමිටු පත් කරනු ලැබ ඇත. ඒ අනුව පත් කර ඇති නොතාරිස් උපදේශක කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් ආඥාපනත්/පනත් සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත
* නොතාරිස් ආඥාපනත
* ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත
* බරපතල අකෘතඥතාව මත අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීමේ පනත
* අන්තිම කැමති පත්‍ර ආඥාපනත