• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් හා වායු ගවේෂණ හා නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත්ව 2003 අංක 26 දරන ඛනිජතෙල් සම්පත් පනත අහෝසි කරමින් නව පනතක් සම්පාදනය කිරීම සඳහා 2021 ජනවාරි මස 25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.