• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්‍යාත්මක හා කළමනාකරණ දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීමේ අරමුණින් යුතුව, රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.