• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් භුක්ති විඳිනු ලබන රජය සතු ඉඩම්වල අයිතිය විශ්වවිද්‍යාලය වෙත පවරා දීම
- 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන ප්‍රකාර ව 1980 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන ජාතික විශ්වවිද්‍යාල දහසයෙන් (16) එකකි. පදනම් අදියරේ සිට ආචාර්ය උපාධි අදියර දක්වා අධ්‍යයන වැඩසටහන් හැත්තෑ පහක් (75) මෙමඟින් පවත්වාගෙන යනු ලබන අතර 2020 වර්ෂයේදී එම විශ්වවිද්‍යාලය සඳහා සිසුන් 44,600 ක් බඳවාගෙන ඇත. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා රජය විසින් ස්ථාපනය කර ඇති එකම උසස් අධ්‍යාපන ආයතනය වන මෙම විශ්වවිද්‍යාලයෙහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන නවයක් (09) සහ අධ්‍යයන මධ්‍යස්ථාන දහ නවයක් (19) දිවයින පුරා පිහිටුවා තිබේ. සිසුන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම පිණිස එකී ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහ අධ්‍යයන මධ්‍යස්ථානවල ප්‍රමාණවත් භෞතික පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි එකී මධ්‍යස්ථාන පිහිටුවා ඇති රජය සතු ඉඩම් කොටස් දාහතක් (17) රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.